Archive
කදුල ඉකි බිද
බතට තිත.
ලංකාවෙ හාල් පොල් මිල ඇමරිකාවටත් වඩා වැඩියි නෙවැ. අපියි කියලා කොයි විදිහකට ඔය ගානට හාල් පොල් ගන්නෙයී. ඔය කොහොම උන්ත් ලංකාවෙ අන්ඩුවනම් දෙවියෙක් වගේ. අපි ඉල්ලන ඕනෙ දෙයක් අපිට හනි හනිකට දෙනවා. ලංකාවෙ අපිට දරුවෙක් වදන්න බැහැ, ආන්ඩුවෙන් නොමිලේ වින්නබු වැඩේ කොරන්නේ නැතිව. කොලුවව ඉස්කෝලෙ යවන්න බැහැ, නොමිලේ අධ්යපනේ දෙන්නේ නැතිව. ඌට පනුබෙහෙත් දෙන්නෙත් බැහැ, ආන්ඩුවෙන් නොමිලේ පෙති දෙන්නේ නැතිව. දැන් ඉතින් අපිට බත් කන්නත් බැහැ, ලාබෙට ආන්ඩුවෙන් හාල් දෙන්නෙ නැතිව.
ආන්ඩුව කියලත් මොනවා කොරන්නද. ලාබෙට පොහොර දුන්නා. වතුර දුන්නා. වැව් හැදුවා. කොරන්න පුලුවන් හැම දෙයක්ම කොරා, දෙන්න පුලුවන් හැම දෙයක්ම දුන්නා. ඔය මොනවා කොරත්, ඇති ප්රයෝජනයක් නැහැ. ආන්ඩුවය කියලත් හාල් මවන්නද. ඉන්දියාවෙන්, “අනේ අපිට අනුකම්පා කරලා කොරලා, අඩුමිලට හාල් ටිකක් දෙන්න“ කියලා ඉල්ලුවා. අපිත් ඉතින් හැම පුර්ස්නෙකටම අඩා දොඩාගෙන යන්නෙ අල්ලපු ගෙදරටනේ. ඉන්දියාවත් ඉතින්, “පවුනෙ, අසරනයනේ” කියලා අපිට උදව් කරනවා. මෙදා සැරේ ඉන්දියාව, පොඩ්ඩක් ඉන්න, අටුවෙ වී තියනවද කියලා බලලා එන්නම් කියලා ගෙට ගියා ගියාමයි ආයෙත් එලියට ආවෙ නැහැ. ඔන්න ඉතින් මෙදා සැරේ ඉන්දියාවෙන් ලාබෙට හාල් නෑ පුතෝ. බුරුමෙන් ගත්තු හාල් ටිකත් ගෙන්නා ගන්න හදිස්සියකට නැවක් හොයාගන්නත් නැහැ. කිසිම වැදගත් කමක් තියෙන රටක් බුරුමයත් එක්ක ගනුදෙනු කරන්න කැමැත්තක් නැහැනොවැ.
මොන දහන් ගැටේ දාලා හරි අපිට ලාබෙට හාල් දුන්නේ නැත්තම් මෙදාපාර ආන්ඩුවත් ඉවරයි. අපිත් ඉවරයි. ගොවියොත් ඉතින් කාඩාහැලිච්ච වැහි කන්දරාවත් එක්ක අඩව් අල්ලලා, කපාගත්තු ගොයම වේලලා ගෙට ගත්තා කියමුකෝ. ආන්ඩුවෙ ගොයියලාත් බලා ඉදලා ඉදලා කියපි, හාල් විකුනන්න කියලා ඒ උන්දෙලා කියනා කියනා ගානට. පාලන මිල කියලා නොවැ ඔය කෙරුවාට කියන්නේ. ඕකට මොනවා කිව්වත් හාල් මෝල් අඩා වැලපෙනවා, සල්ලි දීලා ගත්තු හාල් ආන්ඩුව කියනා කියනා විදිහට ලාබෙට දීලා දාන්නෙ කොහොමද කියලා. අනිත් උදවිය දැන් තුට්ටු දෙකට හාල් ගොවියගෙන් ගන්නවා. මට නම් ඉතින් කාට මොන කෙලිය උනත් කමක් නැහැ මෙදා මුරේ ලාබෙට හාල් ලැබෙනවානම්.
හැබැයි ගොයියෝ නිදහස් වෙලදාම කියන්නේ ඕක නෙමෙයි. අපි ඉස්සෙලාම ගොවියාට සලාක පොතට පොහොර කාරිය දීලා, වගා වියාපාරය විනාස කොලා. අපි හැමදාම ගොවිතැනට අතදරුවෙකුට වගේ කිරි පොවනවා. ඉතින් උන්දැත් කවදාවත් දෙපයින් නැගිටින්න ඉගනගන්නේ නැහැ. හැමදාම ලාබෙට පොහොර, සහනාදාර ඉල්ල ඉල්ලා අඩ අඩා ඉන්නාවා. ඒවා දුන්නේ නැත්තම් මැහි තෙල් බොනවා. මෙදාපාර ගොවියාට හොඳ ගානක් හොයාගන්න මුරේ ආවහම, අපි තග දාලා පලදාව උදුරාගත්තානෙවැ. ගොවිතැන දියුනු කොරනවා කියනනෙ ඕක නෙමෙයි. කොහොම උනත්, මේ කෙරුවාවෙ ප්රතිපල එන්නේ බර කරත්තෙන් ඊලග මුරේ.
දැන් ලෝකෙ හැම තැනම ආහාර අහේනිය. බොහෝමයක් දෙනා ගොවිතැන දාලා ගිහිල්ලා. අනිත් උදවිය, ඉරුඟු වලින් ඩීසල් පෙරනවා. මෙදා පාර තමයි ගොවියන්ටත් රජ වෙන්න පුලුවන් කාලෙ. කොම්පුටර් රැල්ලෙන් සමහර ගොයියෝ සල්ලි හෙව්වාවගේ, ගොවියන්ට ලග ලගදිම වගාවෙන් සල්ලි හොයන්න පුලුවන්. ඒ නිසා පුලුවන් කමක් තියෙන උදවිය, තියෙන දේපලක් උගස් තියලා, සිංහලේ පැත්තේ වගාවක් කෙරුවට පාඩුවක් නැහැ. ඒත් ඉතින් කවුද ඕහොමයි කියල තව දුරටත් වගා කොරන්න කැමති, ආන්ඩුව තග දාලා අස්වැන්න අඩලා ගන්නකොට. ඔය යන විදිහට ගියොත්, පොලවත් එක්ක හැප්පෙනවට වඩා හොදයි, තියෙන දෙයක් විකුනලා, ජීවන් මහත්තයාට ලක්ෂ දහයක් හමාරක් දීලා, කොහොම හරි ඇලෙස්කාවට ගිහිල්ලා මාලු ෆැක්ටරියක රස්සා කොරන එක.
ආන්ඩුව සහ හොරු හතලිහ.
එකෝමත් එක කාලෙක ආන්ඩුව කියලා දෙයක් මේ ලෝකෙ තිබුනේ නැතෙයි. මිනිසු ගංගා නිම්නවල ගොවිතැනක් බතක් කරගෙන, පොඩි පොඩි ගෙවල් හදාගෙන තම්යි දවස ගෙව්වේ. උදේට වැඩට යන්න කියලා ඕනැ කමක්කුත් නැතෙයි. බිල් ගෙවන්න ඕනෙත් නැතෙයි. තම්න්ගෙ පාඩුවෙ කුබුරක් කොටාගෙන, හරකෙක් දක්කාගෙන, කාලා බීලා නිස්කලන්කෙ ජීවත් වෙනවා. අනේ, එහෙම්යි කියල ඉන්නහැදුවාට, පාඩුවෙ ඉන්න හැටියක් නැහැ නොවැ. ගොයම පැහෙන කාලෙට, අහල පහල ඉන්න තක්කඩි රැල ගමට ඇවිල්ලා, තගදාලා, බොහොම අමාරුවෙන් වගා කොරපු අස්වැන්න අඩලාගෙන යනවා. අස්වැන්නනම් ගෙනිච්චත් කමක්නැතෙයි කියමුකො. අස්වැන්න විතරක් නෙමෙයි, උස්මහත් වේගෙන එන ගැනු දරුවො ටිකත් උස්සාගෙන යනවා. අනේ ඉතින්, පලවෙනි හොරු රැල ඇවිල්ලා ගියායැයි කියමුකො. තව හොරු රැලක් ඇවිල්ලා ඉතිරි වෙලා තියෙන ටිකත් උස්සාගෙන පල. මොකෝ කවුරු කියලා හොරුන්ගෙන් ගම පරිස්සම් කොරන්නද.
දෙවෙනි කන්නෙ ගොයම් කපන කාලෙට පලවෙනි හොරු රැල එනවා ආයෙත් උන්ගෙ පංගුව අරගෙන යන්න. ඒ එනකොට එක්කෝ මිනිස්සු ගම දාලා ගිහිල්ලා, එහෙමත් නැත්තම් මැරිලා. මේ කෙරුවාව හැමදාම කොරන්න බැහැ නොවැ. හොරැ කල්ලිය, හොරු වුනාට, මෝඩයෝ එහෙම නෙමෙයි. ඒ නිසා මේ තක්කඩි රැල, වෙනත් හොරුන්ට තමන් අඩලාගත්තු ගමට එන්න දෙන්නෙ නැතිව ගම පරිස්සම් කරනවා. වැඩේ දෙන්නටම හොදයි. ගමේ මිනිස්සුන්ට කප්පම් දෙන්න වෙන්නේ එක්කෙනාටයි. හොරුන්ටත් වැඩිපුර කන්න බොන්න හම්බුවෙනවා.
ඔය තක්කඩි රැල කාලා බීලා තර වෙනකොට, ගෙදරට වෙලා හැමදාම අත බැදගෙන ඉදාලා බැහැ නොවැ. දැන් ඉතින් ඔන්න මගෝඩි රැල යනවා, අනිත් හොරුන්ට ගහලා තවත් ගම් දනව් අල්ලාගන්න. ගම් ගොඩක් අල්ලාගත්තු හොරා තම්යි හපනා. හපන් රැලේ නායකයක හොර ගෙඩියාට රජෙකුට වගේ සතුටුයි. රජ්ජෙක් කියලා කිව්වට, ඔය වෙනකම් මිනිස්සුන්ට රජෙක් කියල එකෙක් හිටියේ නැහැ නොවැ. දැන් ඉතින්, ඔන්න බෙලේ මිස්සුන්ට රජේකුත් ඉන්නවා. මිස්සුන්ටත් හරි සතුටුයි. මිනිසු හොර ගෙඩියට “අපේ රජ්ජුරුවන්වහන්සේ” කියලා දන නමස්කාර කොරනවා, කප්පම් ගෙවනවා, ඇහැට කනට පේන ගෑනු දරුවො වාසෙට ගෙනල්ලා දෙනවා. ඒ වෙනුවවට හොර ගෙඩියා, අනිත් හොරුන්ගෙන් රට තොට පරිස්සම් කොරනවා. නිවාඩු පාඩු වෙලාවට, විනෝදෙටත් එක්ක රටේ තොටේ පුරස්නත් විසදනවා. රට තොට බලන්න යනවා. උත්සව පවත්වනවා.
ඔන්න ඉතින් අවුරුදු ගානක දිග කතන්දරේ කොට කොරලා කියනවානම්, කාලයක් කාලයක් යනකොට, රට්ටු එකතු වෙලා, හිත හොඳ චන්ඩියෙක්ව මුරෙන් මුරේ හොර ගෙඩියා විදිහට පත් කොරගන්නවා. සමහරු ඔය හොර මුලේ නායකයට රජ්ජුරුවෝ කියලා කියනවා, තව සමරු අගමැති කියලා කියනවා, තවත් සමහරු ජනාදිපති උන්නාසේ කියලා කියනවා. දැන් ඉතින් හැම දේකටම අලුත් නම්ක්. කප්පම් දෙනවා වෙනුවට, බදු දෙනවා කියලා කියනවා. හොරු මුලේ චන්ඩි රැලට පොලෝසිය කියලා කියනවා. හොර ගෙඩියාගේ සගයන්ට ඇමති උන්නාසේයි කියලා කියනවා. දැන් අපිව පාලනය කරන හොර රැල ඉස්සර තරම්ම නරක නැහැ. ඉදලා හිටලා, ගමේ උදවියටත් හොර මුලට බැදෙන්න දෙනවා. රෑට රෑට ගැනු දරුවො ගෙනිහින්ල්ලා දෙන්න ඕනෙත් නැහැ. පිලිවලට වැඩ. ඔය කොහොම උනත්, පරණ කතාන්දරේ තවමත් එහෙමමයි.
තවමත්, වගින් වගේ නානාප්රකාර නම් කියාගෙන, එක එක චන්ඩි මතුවෙනවා. සමහරු චේගුවේර කාරයෝලු, තව සමහරු, ජාවීපේලූ, තවත් සමහරු කොටිලූ. තව ඉස්සරහට තව මොන මගෝඩි මතුවෙයිද දන්නේ නැහැ. ඔය මොනනම කිව්වත් හැමෝටම ඕනෙ එක දෙයයි. අපි හරි හම්බූ කරනා දේ ඩැහැ ගන්නයි. හිත හොද චන්ඩියාගේ වගකීම මොන දහන්ගැටේ දාලා හරී තමන්ගේ යටත් වැසියන් අනිත් චන්ඩි පිලට යන්න නොදී රැක ගැන්නා එකයි. ඕන් ඔය කෙලියටැයි අපි දේශපාලනය කියන්නෙ.
ගමට කලින් හිරැ මුළු තැන් ගෙට වඩිනා
ගමට කලින් හිරැ මුළු තැන් ගෙට වඩිනා
ඒ හිරැ එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරැ සුව විදිනා..
කළා වැවේ නිල් දියවර අපෙ අම්මා//………
රෑ කළුවර අරගෙන දරැවන් එනතුරැ සිත නැහැ නිවන් දකින්නේ
රෑ කළුවර අැවිදින් ඉකිබිද හැඩුවත් නෙත නැහැ නිදි විද ගන්නේ
හෙට අරැණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඹය නෙතු දරැ සෙනෙහසින් මිදෙන්නේ………
ගමට කලින් හිරැ…………….
වෙල්දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට විහග ගිත බණ පද වේවා
බෝ….මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන්සිත නිවි සැදෙවා…
මතු උපදින සසරේ විශාකාව වි මෙත් මග නෙත් ඇහැරේවා
ඇත් රැජිණියනි ඹබෙ නැළවිළි ගිතය ලොවම නිවන කවියක් වේවා!……..
ගමට කලින් හිරැ…………….
ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය
හේතුවෙන් දේශියත්වය පිරිහියාමයි. ඓතිහාසික ස්ථාන හා දර්ශණිය ස්ථාන ආශිතව ගොඩනැගි ඇති සමාජ තත්ත්වයන් පරික්ෂා කිරිමෙන් මේ බව වඩාත් තහහුරු වේ. එමෙන්ම දිළිදු රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින් ගෙන් අහිතකර සමාජ බල පෑම් එල්ලවන ආකාර දක්කට ඇත. ඉතාඅඩු මිළට පැල්පත් කූඩාරම් ආදිය සකස් කරගනිමින් අවිනීත ලෙස හැසිරෙන විලාසයක් මිට එක් උදාහරණයකි. තවද සුළු හා මහා යන පරිමාණයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හා ජාවාරම ශ්‍රි ලංකාව විනාශය කරා ගෙන යන දුෂිත ක්‍රියා වලියන්ගෙන් එකකි. එය ද බොහෝ දුරට ගොඩනැගුනේ සංචාරක ව්‍යාපාර ආශ්‍රිතව ය. අසභ්‍ය චිත්‍රපට හා සඟරා ආශ්‍රිතව ගොඩනැගෙන විකෘති මානසික තත්ත්වයන් හා කාමුක රැල්ල තවත් සමාජ විනාශකාරි පිළිලයකි. එමෙන් ම ඒ හා සමඟ හඹා ආ ඒඩ්ස් ආදී භයානක සමාජ රෝග ගැන ද කතා කළ යුතුව ඇත. ඊට අමතරව දේශිතයන් , විදේශිකයන් හා එකතු වි සිදු කරන කෞතුක භාණ්ඩ හා ඹෟෂධ ජාවාරම් නිසා ද රටට සිදුවන්නේ විනාශයකි. එහෙයින් යහපත දෙස පමණක් නෙත් දල්වා බලානොසිට සංචාරක ව්‍යාපාර නිසා සිදුවන අයහපත් ප්‍රතිඵල ගැනද අවධානය යොමු කොට ඒවාට පිළියම් යොදා ක්‍රමවත් සංචාරක කර්මාන්තයක් ශ්‍රි ලංකාවෙහි දියත් කළ යුතුව ඇත.
මත් ද්‍රව්‍ය හා එහි සමාජමය ප්‍රතිවිපාක
මත් ද්‍රව්‍ය වූ කලී වත්මන් සමාජයේ ප්‍රබලතම ගැටලුව බව ස්ථිරය. සමාජය තුල සෑම ගැටවවකටම පාහේ හේතු සාධක වන්නේ ද මෙම මත් ද්‍රව්‍යයි. බොහෝ විට මත් ද්‍රව්‍ය නිසා මිනිසුන් හට තම ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න හට ගනී. එහි ප්‍රධාන කරුණ නම් මෙම මත් ද්‍රව්‍ය ගැටළුව තම ජීවිතයට ඔවුන් විසින්ම ලං කර ගෙන පසුව තමන්ටත් තමා අවට සිටින සියළු දෙනාටත් ගැටළු ඇති කිරීමත්ය.මෙහි සමාජ ප්‍රතිවිපාක බොහෝය.එම විපාක තේරුම් ගැනීමට නොහැකි කෙතරම් පිරිසක් මේ වන විටත් අප සමාජයේ සිටී ද?
වර්තමානයේ මහා මාර්ගයේ දී, නිවසක් තුළදී, බස් රථයක් තුළදී ආදී සෑම සමාජ කොට්ඨාශයක් තුළදීම මත් ද්‍රව්‍ය භාවිතයේ ගැටළුව උග්‍ර වී ඇත්තේය. එහි විපාක තේරුම් ගන්නන් ද බොහෝ විට අඩුය. මෙහිදී විශාල බලපෑමක් කරන්නේ මත්පැන් හා දුම් වැටි මඟිනි. මත්පැන් පානය කොට බස් රථ වල ගමන් කරමින් අන් අයට මහත් සේ හිරිහැරයක් වෙමින් සිටින පිරිස් අධිකය. ඔවුන් හට මේ අනිසි බලපෑම් නොතේරෙන්නේද?තම සෞඛ්‍යයට හානියක් කර ගන්නවා පමණක් නොව අන් අයට ද හිරිහැර කරන මෙවැනි නිවටයන් සමාජයට මහත් හිසරදයක් වනවා නොඅනුමානය. අද බොහෝ විට රිය අනතුරු වලට ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ බීමත්ව රිය පැදවීමයි. එහි එකිනෙක පිළීවෙලට ගොනු කිරීමට නොහැකි තරම් උදාහරණ ප්‍රමාණය විශාලය.එමෙන්ම දුම්වැටි භාවිතයෙන් ද මහත් හිරිහැරයක් සමාජයට ඇතුළු වී ඇත.අධික මුදලක් වියදම් කරමින් මේවා මිලදී ගෙන පානය කරමින් තම ජීවිතය විනාශ කර ගන්නේ මන්ද? මේ සිත් පිත් නැති මිනිසුන්ගේ අභිමතාර්ථය වී ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම පමණි.ඉන් එහා කිසිවක් සිතීමටවත් ඔවුන්ට කාලයක් නැත.
අද සමාජයේ මේ මත් ද්‍රව්‍ය නිසා ප්‍රධාන වශයෙන්ම පවුල් අභ්‍යන්තරයේ ආරවුල් ඇති වී ඇත.පවුලක් තුළ ප්‍රධානියා එනම්, පියා විසින් මෙම මත්ද්‍රව්‍ය ගැනීම නිසා එම පවුල් සංස්ථාවටම මෙය මහත් හානියක් කැළලක් වනු ඇත.පියා විසින් මත්පැන් පානය කොට නිවසට පැමිණ අඩ දබර කර පවුලේ සමඟිය විනාශ කර දමයි. මිල මුදල් නොසෑහෙන්න වියදම් කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා ගෙන දෙයි.මේ නිසාම පවුල් සංස්ථාව බිඳ වැටේ.එලෙසම සමස්ථ සමාජයම හානියට පත්වේ.
නවීන තාක්ෂණයත් සමඟ ගත් කළ වත්මන් සමාජයේ මිනිසා බොහෝ උගත් පුද්ගලයෙක් වනු ඇත.එහෙත් ඔවුන් අතරේ මෙවැනි නූගත් අය ද සිටී.ඔවුන් නිසා සමාජයේ මිනිසුන් අතර ඇති සාමය, සතුට, අනොන්‍ය සබැදියාව ආදී වැදගත් සංකල්ප බිද වැටේ.වර්තමානයේ තරුණ පරපුර අතරේ ද මත් ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍රව පවතී.උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් මේවාට මහත් සේ ඇබ්බැහි වී තම අධ්‍යාපන කටයුතු පවා කඩා කප්පල් කර ගනී.එසේ නම් ඔවුන් ඉන් ගලවා ගන්නේ කෙසේද? එසේ කළ යුත්තේ කවුරුන්ද?
මෙසේ අප ශ්‍රී ලංකාවේ සමස්ථ සමාජයටම පොදුවේ බල පවත්නා මෙම මත් ද්‍රව්‍ය ගැටළුවට පිළියම් සෙවිය යුතුය.මත්ද්‍රව්‍ය නිසා හට ගෙන ඇති ප්‍රශ්න වලට විසදුම් සොයා ඒවා ඉදිරියට ඇති නොවීමට කටයුතු සැලැස්විය යුතුය.නීති මාර්ගයෙන් කටයුතු කරමින්, අවවාද උපදෙස් ලබා දෙමින් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිසි මගට ගත යුතුය.ඔවුන් ඉන් මුදවා ගත යුතුය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නෙතගැටීමත් බොහෝ දෙනා පිළිකුල් කරයි.ඔවුන්ට මෙහි අස්ථිර භාවය පසක් කර දිය යුතුය.සමාජයට සිදුවන විනාශය සිත් තුළට ඇතුළු කළ යුතුය. මෙය කළ හැක්කේ අන් කිසිවෙකුට නොව මේ පොළවේ ජීවත් වන අපටමය. මත්ද්‍රව්‍ය භාවිතා කොට සමාජයට කරදරයක් වනවාට වඩා වැදගත් පුද්ගලයකු ලෙස සමාජයේ පෙනී සිටීම නොවටින්නේද? මත්ද්‍රව්‍ය සමාජය විනාශ කරයි. එහි ප්‍රතිඵල අසුභය. ඉතින් මේවා භාවිතයෙන් මනස විකෘති කර ගන්නවාට වඩා නිවැරදි පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වේ නම් සිය දහස් ගුණයක් අගනේය.
එබැවින් මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි බලපෑම් තුරන් කිරීමට අප උත්සහ ගත යුතුය.හැකි සෑම පුද්ගලයකුගෙන්ම, ආයතනයකින්ම උදව් උපකාර ලබා ගෙන එමඟින් රටට, සමාජයට වන හානිය අවම කළ යුතුය.වර්තමානයේ රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග පැසසිය යුතුය.මත්ද්‍රව්‍ය දුරු කිරීමට අපි ද සහය වෙමු.එය රටේ සංවර්ධනයට මහත් රුකුලක් වේ.මත්ද්‍රව්‍ය නොමැති යහපත් සමාජයකට ගමන් කිරීමට අප ද මාර්ගය විවර කර ගනිමු.