Archive

Archive for March, 2010

අපෙන් වෙන වැරදි

March 25, 2010 Leave a comment

ඇත්තටම ටිකක් හිතලා බැලුවොතින් එහෙම අපි කොච්චර වැරදි කරනවද? නේද? එක වෙලාවකට අපිට අපි ගැනම වෙලාවකට කල කිරෙනවා එපා වෙනවා මං දන්නෙ නැහැ අනිත් අයට කොහොමද කියලා මට නම් එහෙමයි එත් මගේ දැනුමෙ හැටියට මම නම් කියන්නෙ අපි කොච්චර වැරදි කරත් අපි ඒ වැරද්ද ආයෙ ආයෙ කරනවනම් ඒක අපේ තියෙන දුර්වල ක‍මක් කියලා ඒ වැරදි හදාගෙන ගත කරන ජිවිතය තමයි ගොඩක් හොදයි කියලා හිතෙන්නෙ අපි පුළුවන් තරම් හොදට ඉන්න අද ඉදලා හිතා ගමු

Categories: Uncategorized

සෝපාක පොඩි හාමුදුරු‍ වෝ

March 20, 2010 Leave a comment


පුංචි අසරණ ළමයෙක්

අම්මට හොරෙන්

මිනී පිට්ටනියකට ගෙනැවිත් දාලා

ඔහුගේ නම සෝපාක.

මහ රෑ

සෝපාකට හරිම බයයි

“අනේ! මාව බේරා ගන්න කෙනෙක් නැද්ද?”

එහෙම කියමින් සෝපාක ඇඬුවා.

බුදු හාමුදුරුවෝ

සෝපාකට කථා කළා

“සෝපාක මාළඟට එන්න

මා ඔබට පිහිට වෙනවා”

සෝපාකගේ බය නැතිවුණා

හරිම සතුටින්

බුදුහාමුදුරුවන් ළගට ගියා.

බුදු හාමුදුරුවො

අසරණ සෝපාකට පිහිට වුණා

බණ කියා දුන්නා

සෝපාක හරිම කැමැත්තෙන් මහණ වුණා

සෝපාකගෙ අම්මටත් හරි සතුටුයි.

බුදු හාමුදුරැවො ළමයින්ට කරුණාවයි

කරුණාවෙන් යුතු බුදු හිමි

සාධු කියා මම නමදිමි

අසරණයන් හට සලකමි

මම හොඳ බොදු දරුවෙක් වෙම්.

Categories: Uncategorized

අළුත් ජිවිතයක ආරම්භය

March 20, 2010 Leave a comment

ඇත්තටම ජිවිතයක් ආරම්භ කරලා ඒ ජිවිතේ ගෙවන්න කොච්චර නම් අමාරැද?ඒත් හරි විධියට ජිවිතේ ගෙවනවා නම් ඒක එච්චරම අමාරැ නැහැ.සමහර වෙලාවකට හිතෙනො වැරදි කරන්නෙ නැතුව ඉන්න ඕන කියලා.ඒත් නොහිතන විධියට අපේ අතින් සමහර වැරදි වෙනවා.ටිකක් හිතලා බැළුවම අපි කරලා තියෙන වැරදි ගැන තමන් ගැනම තරහ හිතෙනවා.සමහර වෙලාවකට කරල තියෙන මෝඩ වැඩ ගැන හිතල බැළුවම හිනාත් යනවා.කොහොම වුණත් වැරදි වැඩ නොකර හොදට ඉගෙන ගත්තම තමයි හොද කියලා මම හිතන්නෙ.එහෙම වුණහම  ගොඩක් හොදයි.

Categories: Uncategorized

දයාබර යෙහෙළියේ

March 19, 2010 Leave a comment

සො‍දුරු ඔය නෙතු අද්දර
රුදුනු ආදර සිනහවට
සත්තයි මම බැදුනා

ඉවක් කොනක් නොපෙනෙන
මේ පාලු කතරේදු
දියපොද ඔබම වුනා

දහදිය මගින් පෙගුණ
විඩාබර ඔය මුහුණ
සැමදින එක ලෙසට
මට සිසිල ගෙනාවා

සියලු දේ හැර දමා
යන දිනය ලං වෙද
ඔබ දමා කෙලෙස මම
සමුගන්නෙ මිතුරියේ
කිසිම දා මම ඔබ හැර නොයමි
ඔබේ අනාගතය සාර්තක වේවා!

Categories: Uncategorized

කරැමක්කාර ජිවිතය

March 19, 2010 Leave a comment

මට ජිවිතේ එපා වෙලා තියෙන්නෙ.එක වෙලාවකට මැරෙන්න හිතෙනවා.ඒත් බය හිතෙනවා.අම්මපා ජිවිතේ හරි පුදුමයි නේද.එක වෙලාවකට හරිම විකාරයක්.පුදුමයි කියන්නෙ පුදුමෙනුත් පුදුමයි.ජිවත් වෙලා ඉන්න කොටත් නියමයි කියලා හිතෙනො.ඒ වුණාට එපා වෙනෝ එක වෙලාවකට.

Categories: Uncategorized

මද්දුම බණ්ඩාර

March 19, 2010 Leave a comment

මද්දුම බණ්ඩාර අපේ ඉතිහාසයේ සඳහන් ව ඇති ළමා වීරයාය. ඔහු ඉපදුණේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇහැළේපොළ නම්ගමේය. ඔහු ගේ තාත්තා ඇහැළේපොළ අධිකාරම්තුමාය. අම්මා ඇහැළේපොළ කුමාරිහාමි ය. ඒ කාලයේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මහාධිකාරම් තනතුර දරුවේ මද්දුම බණ්ජාර ගේ තාත්තා වන ඇහැළේපොළ අධිකාරම් තුමාය. මේ පවුලේ දරුවන් සතර දෙනෙක් සිටිය. ඔවු‍න්ගෙන් දෙවැනියා මද්දුම බණ්ඩාර යි.

ඒ කාලයේ කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිතර ම තම නිලමේ වරුන් ගැන සැකයේනුයි හිටියේ. තමා සිංහාසනයෙන් නෙරපා දමා රජකම ලබා ගනීවි කියලා ඔහුට බයක් තිබුණා. විශේෂයෙන්ම මද්දුම බණ්ඩාරගේ පියා ගැන ලොකු සැකයක් තිබුණා. ඒ රජතුමාට විරුද්ධ ව ඇහැළේපොළ අධිකාරම්  කැරැලි ගසනු ඇත කියාය. ඒ නිසා රජතුමා ඔහුට නොයෙකුත් විදියේ කරදර කළා.

මේ රජ්ජුරුවන්‍ට දවසක් හොඳටම තරහ ඇවිත්, ඇහැළේපොළ පවුලට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ කියලා අදිටන් කර ගත්ත. ඇහැළේපොළ පවුලේ සියලු දෙනාට ම රජ මාළිගයට පැමිණ රජු බැහැ දකින් ලෙස කියා පණිවුඩයක් යැවුවා. මේ වන විටත් ඇහැළේපොළ අධිකාරම් තුමා නිවසේ සිටියේ නැහැ. එහෙත් නියමිත් දිනයේ මද්දුම බණ්ඩාරත්, අම්මාත්, අයියාත් , නංගීත් රජ වාසංට ආවා. මේ අය දක්කා ම රජ්ජුරුවෝ කොපයෙන් වෙවුලන්න ගත්තා.කිසිම වරදක් නැති ඇහැළේපොළ පවුලේ පිරිමි අය , හිස ගසා මරා දමන්නටත්, ගැහැණු අය දියේ ගිල්වා මරා දමන්නටත් රජ්ජුරුවෝ අණ කළා. රජ අණ අකුරටම ක්‍රියාත්මක වුණා.

මේ කණගාටුදායක ක්‍රියාව සඳහා තෝරා ගත්තේ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට තිබෙන උයන. මද්දුම බණ්ඩා‍රගේ හා ඔහුගේ අයියාගේ හිස ගසා දමන දිනය ළංවුනා. මහ විශාල පිරිසක් මේ සිද්ධිය බලන්න රැස් වෙලා සිටියා. ඒ හැම දෙනාම බලා ගෙන සිටියේ හරි ම දුකකින් හා කණගාටුවකින්. රජවාසල වධකයා කඩුව අමෝරා‍ ගෙන ඉන්නවා. මද්දුම බණ්ඩාරත් පවුලේ අනෙක් අයත් දුක්මුසුව බලා ඉන්නවා. දංගෙඩියත් ඒ අසලම සූදානම් ව තියෙනවා. මුලින් ම මරණයට මුහුන දෙන්න තියෙන්නේ මද්දුම බණ්ඩාරගේ අයියා‍ට. ඔහු බයේ අම්මගේ ඇගේ එල්ලී ගෙන අඩනවා. අවුරුදු නවයක් වයස ඇති මද්දුම බණ්ඩාරගේ හිත දිරිමත් වුණා. වීරත්වයෙන් පිරී ගියා. මරණයට බය නැතිව මුහුණ දීමේ අමුතු ශක්තියක් ඔහු තුළ ඇති වූණා.

“අයියන්ඩී බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් ‍…..” කියලා දංගෙඩිය ළඟට ගියා . අත්දෙක පිටුපසට බැඳ‍ගෙන කෙළින් සිට ගත්ත. බියක් මුහුණේ ගෑවිලාවත් තිබුණේ නෑ.‍

“වධකය, එක කඩු පහරින් මගේ හිස වෙන් කරන්න …….” කියලා දංගෙඩියට ගෙල පෑවා. බලා හිටිය අය පුදුමයට පත් වුණා. “අපොයි” කියලා ඔළුවේ අත් ගසා ගත්තා.

වධකයාගේ කඩු පහරින් මද්දුම බණ්ජාරගේ හිස කඳින් වෙනු වුනා. වීර සංහල දරුවකුගේ උණුසුම් ලේ දහර දංගෙඩිය පහළට රූටා වැටුණා.

මරණය ඉදිරියේ නොසැලුණු , සිංහල ලේ වල බලය ලොවට කියා පෑ, මේ පුංචි වීරයා එදා පටන් වීර මද්දුම බණ්ඩාර කියා ප්‍රසිද්ධ වුණා.    අදත් අප ඔහු ආඩම්බරයෙන් සිහිපත් කරනවා. සෑම අවුරුද්දකම මැයි 17 දා මද්දුම බණ්ඩාර අනුස්මරණය කරනවා. මේ ළමා වීරයා සැමරීම ජාතික වීරයෙකුට කරන ගෞරවයකි.

මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ඇති උයන වීර මද්දුම බණ්ඩාර උයන කියා නම් කළේ ඔහුට  උපහාරයක් වශයෙනි. එහි දී ඒ වීරයාගේ පිළිරුව දැක ගත හැකියි.

Categories: Uncategorized

අධ්‍යාපනය

March 19, 2010 Leave a comment

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.

අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. (e-ducken, Eduscho) පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducken තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.


Categories: Uncategorized

සමාජයේ ඉන්න විවිධ මිනිස්සු

March 19, 2010 Leave a comment

අපි ඉන්න මේ සමාජයේ විවිධ මිනිස්සු ඉන්නවා.ඒ අතරෙ හොද අය නරක අය කියලත් කොටස් දෙකක් ඉන්නවා.සමහරැ තමන්ට වගේම අනිත් අයටත් උදවු කරනවා.තව සමහරැ දෙපැත්ත කනවා.අන්න  එහෙම සමාජයක තමයි අපි ජිවත් වෙන්නෙ.අපි වැරදි කරනවා.ඒවට අපිම දඩුවම් විදිනවා.අපිට දෙමව්පියො,ගුරැවරැ දඩුවම් කරන්නෙ අපිත් එක්ක තියෙන තරහකට නෙවෙයි.ඒත් සමහරැ හිතන් ඉන්නෙ අපිට ගහන්නෙ බනින්නෙ අපිත් එක්ක තියෙන තරහට කියලා.කෙනෙක් වැරැද්දක් කියුවම අපි ඒ වැරැද්ද හදා ගන්න ඹ්න.පාසල් යන ළමයෙක් වුනහම මුල් තැන ඉගෙනිමට දෙන්න ඹ්න.අපි පුළුවන් තරම් වැරදි කරන්නෙ නැතුව හොදට ඉගෙන ගෙන දෙමව්පියන්ගෙ, ගුරැවරැන්ගෙ බලාපොරොත්තු ඉටු කරමු!

Categories: Uncategorized

ජිවිතය අපි හදාගන්න උත්සාහ කරමු

March 18, 2010 Leave a comment

ජිවිතය හදාගන්න එව්වර ලේසි නැහැ ඒත් ඒක අපිට උත්සාහ කලොත් හදාගන්නත් බැරි නැහැ අපි ජිවිතය කොච්චර වැරදි කරනවද?අපි වැරැද්දක් කළාම ඒක පිළිගන්න ඕන පිළි අරගෙන ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නැහැ කියලත් අධිෂ්ඨාන කර ගන්න ඕන ගුරැවරැන්ගෙ දෙමව්පියන්ගෙ හිත රිදවලා කවදාවත් කාටවත් දියුණු වෙන්න බැහැ සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒත් ඒ කලාතුරකින් තමන්ගෙ වැරදි හදාගෙන අනුන්ගෙ වැරදි හදන්න ඕන මමනම් කියන්නෙ මම වැරැද්දක් කළොත් කොහොමහරි ඒ වැරැද්ද හදාගන්න බලනවා හැමෝම අතින් වැරදි වෙනවා තමා ඒත් ඒ වැරදි කොහොම හරි හදා ගන්න ඕන ගුරැවරැ දෙමවව්පියො අපිට ගහන්නෙ බනින්නෙ තරහකට නෙවෙයි කියලා තේරෙන්නෙ දැන් නෙවෙයි අනුන් කෙසේ වෙතත් තමන් හොදට හැදෙන්න ඕන මම අද ඉදලා හොදට ඉගෙන ගන්නවා වෙන මුකුත් ගැන හිතන්නෙ නැහැ කියලා තමන්ම හිතාගන්න ඕන!

Categories: Uncategorized
Follow

Get every new post delivered to your Inbox.