Home > Uncategorized > මද්දුම බණ්ඩාර

මද්දුම බණ්ඩාර

මද්දුම බණ්ඩාර අපේ ඉතිහාසයේ සඳහන් ව ඇති ළමා වීරයාය. ඔහු ඉපදුණේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇහැළේපොළ නම්ගමේය. ඔහු ගේ තාත්තා ඇහැළේපොළ අධිකාරම්තුමාය. අම්මා ඇහැළේපොළ කුමාරිහාමි ය. ඒ කාලයේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මහාධිකාරම් තනතුර දරුවේ මද්දුම බණ්ජාර ගේ තාත්තා වන ඇහැළේපොළ අධිකාරම් තුමාය. මේ පවුලේ දරුවන් සතර දෙනෙක් සිටිය. ඔවු‍න්ගෙන් දෙවැනියා මද්දුම බණ්ඩාර යි.

ඒ කාලයේ කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිතර ම තම නිලමේ වරුන් ගැන සැකයේනුයි හිටියේ. තමා සිංහාසනයෙන් නෙරපා දමා රජකම ලබා ගනීවි කියලා ඔහුට බයක් තිබුණා. විශේෂයෙන්ම මද්දුම බණ්ඩාරගේ පියා ගැන ලොකු සැකයක් තිබුණා. ඒ රජතුමාට විරුද්ධ ව ඇහැළේපොළ අධිකාරම්  කැරැලි ගසනු ඇත කියාය. ඒ නිසා රජතුමා ඔහුට නොයෙකුත් විදියේ කරදර කළා.

මේ රජ්ජුරුවන්‍ට දවසක් හොඳටම තරහ ඇවිත්, ඇහැළේපොළ පවුලට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ කියලා අදිටන් කර ගත්ත. ඇහැළේපොළ පවුලේ සියලු දෙනාට ම රජ මාළිගයට පැමිණ රජු බැහැ දකින් ලෙස කියා පණිවුඩයක් යැවුවා. මේ වන විටත් ඇහැළේපොළ අධිකාරම් තුමා නිවසේ සිටියේ නැහැ. එහෙත් නියමිත් දිනයේ මද්දුම බණ්ඩාරත්, අම්මාත්, අයියාත් , නංගීත් රජ වාසංට ආවා. මේ අය දක්කා ම රජ්ජුරුවෝ කොපයෙන් වෙවුලන්න ගත්තා.කිසිම වරදක් නැති ඇහැළේපොළ පවුලේ පිරිමි අය , හිස ගසා මරා දමන්නටත්, ගැහැණු අය දියේ ගිල්වා මරා දමන්නටත් රජ්ජුරුවෝ අණ කළා. රජ අණ අකුරටම ක්‍රියාත්මක වුණා.

මේ කණගාටුදායක ක්‍රියාව සඳහා තෝරා ගත්තේ මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට තිබෙන උයන. මද්දුම බණ්ඩා‍රගේ හා ඔහුගේ අයියාගේ හිස ගසා දමන දිනය ළංවුනා. මහ විශාල පිරිසක් මේ සිද්ධිය බලන්න රැස් වෙලා සිටියා. ඒ හැම දෙනාම බලා ගෙන සිටියේ හරි ම දුකකින් හා කණගාටුවකින්. රජවාසල වධකයා කඩුව අමෝරා‍ ගෙන ඉන්නවා. මද්දුම බණ්ඩාරත් පවුලේ අනෙක් අයත් දුක්මුසුව බලා ඉන්නවා. දංගෙඩියත් ඒ අසලම සූදානම් ව තියෙනවා. මුලින් ම මරණයට මුහුන දෙන්න තියෙන්නේ මද්දුම බණ්ඩාරගේ අයියා‍ට. ඔහු බයේ අම්මගේ ඇගේ එල්ලී ගෙන අඩනවා. අවුරුදු නවයක් වයස ඇති මද්දුම බණ්ඩාරගේ හිත දිරිමත් වුණා. වීරත්වයෙන් පිරී ගියා. මරණයට බය නැතිව මුහුණ දීමේ අමුතු ශක්තියක් ඔහු තුළ ඇති වූණා.

“අයියන්ඩී බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් ‍…..” කියලා දංගෙඩිය ළඟට ගියා . අත්දෙක පිටුපසට බැඳ‍ගෙන කෙළින් සිට ගත්ත. බියක් මුහුණේ ගෑවිලාවත් තිබුණේ නෑ.‍

“වධකය, එක කඩු පහරින් මගේ හිස වෙන් කරන්න …….” කියලා දංගෙඩියට ගෙල පෑවා. බලා හිටිය අය පුදුමයට පත් වුණා. “අපොයි” කියලා ඔළුවේ අත් ගසා ගත්තා.

වධකයාගේ කඩු පහරින් මද්දුම බණ්ජාරගේ හිස කඳින් වෙනු වුනා. වීර සංහල දරුවකුගේ උණුසුම් ලේ දහර දංගෙඩිය පහළට රූටා වැටුණා.

මරණය ඉදිරියේ නොසැලුණු , සිංහල ලේ වල බලය ලොවට කියා පෑ, මේ පුංචි වීරයා එදා පටන් වීර මද්දුම බණ්ඩාර කියා ප්‍රසිද්ධ වුණා.    අදත් අප ඔහු ආඩම්බරයෙන් සිහිපත් කරනවා. සෑම අවුරුද්දකම මැයි 17 දා මද්දුම බණ්ඩාර අනුස්මරණය කරනවා. මේ ළමා වීරයා සැමරීම ජාතික වීරයෙකුට කරන ගෞරවයකි.

මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ඇති උයන වීර මද්දුම බණ්ඩාර උයන කියා නම් කළේ ඔහුට  උපහාරයක් වශයෙනි. එහි දී ඒ වීරයාගේ පිළිරුව දැක ගත හැකියි.

Advertisement
Categories: Uncategorized
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.